Search

වසර 37 කට පසු ලොව විශාලතම අයිස් කන්ද නිසා වෙන්න යන දේ

ලොව විශාලතම අයිස් කන්ද වසර 37 කට පසු යළිත් පාවීමට පටන් ගෙන තිබෙනවා.

A23a ලෙස නම් කර ඇති මෙම අයිස් කන්ද, ඇන්ටාක්ටිකා මුහුදු තීරයේ අයිස් තට්ටුවකින් වෙන් වූයේ 1986 වසරේදීයි.

එය මේ වනවිට කැන්බරා මෙන් හතර ගුණයක් පමණ විශාලත්වයකින් යුක්ත බවයි මාධ්‍ය වාර්තා පළවන්නේ.

බර අයිස් ටොන් ට්‍රිලියනයක් පමණ වන මෙය වර්ග කිලෝමීටර් 3100 ක විශාලත්වයකින් යුක්ත අතර එහි උස මීටර් 300 කට ආසන්නයි.

එම ප්‍රදේශයේ පෙන්ගුයින් විශාල ප්‍රමාණයක් වාසය කරන අතර එමගින් මිලියන ගණනක සමුද්‍ර ජීවීන්ට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි පරිසර ආරක්ෂකයින් පෙන්වාදෙන්නේ.

ලොව විශාලතම අයිස් කන්ද මේ වනවිට දකුණු ජෝර්ජියා සමුද්‍රයේ කිලෝමීටර 80 ක් ඈතින් සිරවී පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා.

ගෝලීය උණුසුම ඇන්ටාක්ටිකා අයිස් තට්ටු මෙලෙස දියවීමට හේතුව බවයි පරිසර ආරක්ෂකයින් අනතුරු අඟවන්නේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »