
ඔස්ට්‍රේලියාවේ ඉදිරි අයවැය සහන පිළිබඳ විශ්ලේෂකයින් විවිධ මත පළකරනවා.
ඉදිරි ෆෙඩරල් මැතිවරණයත් සමග ලේබර් රජය ගෙන එන 2025 වසරේ අයවැය මහජනතාවට සතුටුදායක එකක් වනු ඇති බවයි විශ්ලේෂකයින්ගේ මතය වන්නේ.
බලශක්ති බිල්පත් සහන, බදු කප්පාදු, ලාභදායී ළමා රැකවරණ මධ්‍යස්ථාන, නොමිලේ TAFE මෙන්ම කුලී ආධාර වැනි සහන රැසක් ඉදිරි අයවැයෙන් ලබාදෙන බවට ඔස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් මැතිවරණ රැළිවලදී පවසා තිබෙනවා.

ඒ අනුව වසරකට ඩොලර් 530,000 කට වඩා අඩු ඒකාබද්ධ ආදායමක් ඇති පවුල් සඳහා සතියකට දින 3 ක ළමා රැකවරණ සහනාධාරයක් ලබාදෙන බවද ඇල්බනීස්ගේ මැතිවරණ පොරොන්දුවක් වනවා.
ජූනි පළමු වනදා සිට ඔස්ට්‍රේලියානුවන් මිලියන 3 කගේ ශිෂ්‍ය හිඟ ණය, සියයට 20 කින් කපාහරින බවද අගමැතිවරයා පැවසුවා.

මේ අතර මෙවර අයවැයේ කේන්ද්‍රස්ථානය වූයේ ඩොලර් බිලියන 3.5 ක බලශක්ති බිල්පත් සහනයක් ලබාදීමටයි.
නමුත් ජූලි මස පළමු වනදා සිට සියයට 9 කින් විදුලි බිල ඉහළ දැමීමට රජය කටයුතු කළා.
කෙසේවෙතත් මාර්තු මස අගභාගය වනවිට අයවැය ඉදිරිපත් කිරීමටත් ෆෙඩරල් මැතිවරණය ලබන මැයි මාසයේදී පැවැත්වීමටත් ඔස්ට්‍රේලියා රජය සූදානම් වන බවයි වාර්තා වන්නේ.