
පවුල් හිංසනයට මුහුණදෙන කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් වික්ටෝරියා රජය නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
ඒ වෙනුවෙන් ප්‍රාන්ත රජය ඩොලර් මිලියන 6 ක ආයෝජනක් සිදුකළ බවයි වික්ටෝරියා පවුල් හිංසන වැළැක්වීමේ අමාත්‍යවරිය කියාසිටියේ.
එමගින් පවුල් ප්‍රචණ්ඩත්වයෙන් දිවිගලවා ගත් වින්දිතයින් ආරක්ෂිතව සිය නිවෙස්වල රැඳීසිටීමට සහය විය හැකි බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

අද Geelong හිදී Safe At Home ලෙස මෙම නව වැඩපිළිවෙළේ නිළ ආරම්භය සිදුකිරීමට නියමිතයි.
දිගු කලක් තිස්සේ පවුල් හිංසනවලට මුහුණදෙන කාන්තාවන්ට සහ දරුවන්ට නිවාස අහිමිවීමේ අවදානම, සමාජ හුදකලාව, පාසල් සහ සේවා ස්ථාන අහිමිවීම ඇතුළු ජීවිත වෙනස්කරන ප්‍රතිවිපාකයන්වලට මුහුණදීම වෙනුවෙන් මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

නව වැඩපිළිවෙළ යටතේ නිවාස, රැකී රක්ෂා, ළමා හා සංස්කෘතික සහය සඳහා විශේෂඥ සහය ද ලබාගත හැකි බවයි වික්ටෝරියා පවුල් හිංසන වැළැක්වීමේ අමාත්‍යංශය වැඩිදුරටත් කියාසිටියේ.