Search

නොමිලේ රැකියා පුහුණු පාඨමාලාවක් වික්ටෝරියාවේ

රැකියා අවස්ථා ඉහළ නැංවීමේ අරමුණින් තරුණයින්ට නොමිලේ ආහාර පිළිබඳ පුහුණු පාඨමාලාවක් ලබාදීමට වික්ටෝරියා රජය සූදානම් වනවා.

ලබන අප්‍රේල් මස 16 වනදා දින Colac Otway හි එය පැවැත්වීමට නියමිතයි.

The Food Handling පාඨමාලාව සඳහා වයස අවුරුදු 15 ත් 25 ත් අතර තරුණයින්ට සහභාගිවිය හැකි බවයි සංවිධායකයින් පවසන්නේ.

පාඨමාලාවේදී ආහාර සුරක්ෂිතතාවය, ආහාර පිළියෙල කිරීම, ආහාර සැපයීම, සනීපාරක්ෂාව ඇතුළු බොහෝ දෑ ඉගෙන ගැනීමට හැකි බවයි Colac Otway Shire කවුන්සිලය පැවසුවේ.

මෙම පාඨමාලාව හරහා තරුණ තරුණියන්ට රැකියා අවස්ථාවන් සඳහා විශාල ශක්තියක් වන බව කවුන්සිලයේ ප්‍රජා සේවා කළමණාකාර අශීෂ් සිටුලා කියාසිටියා.

ආහාර පාඨමාලාව අප්‍රේල් මස 16 වන බදාදා උදේ 9.30 සිට දහවල් 1.30 දක්වා Colac Neighbourhood House, 23 Miller Street, Colac. හිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව Colac Otway Shire කවුන්සිලය ප්‍රකාශ කළා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »