Search

අද – හෙට වික්ටෝරියාවේ උෂ්ණත්වය 40°C ට වැඩි වන ලකුණු

අද (15) සහ හෙට (16) යන දෙදින තුළ වික්ටෝරියා ප්‍රාන්තය තුළ උෂ්ණත්වයේ ඉහළ යෑමක් අපේක්ෂා කෙරෙනවා.

ඒ අනුව ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාවට ළගා වනු ඇති.

ප්‍රාන්තය පුරාම පවතින සුළං තත්වයේ ද යම් වර්ධනයක් පෙන්නුම් කෙරෙන අතර ඒ හේතුවෙන් ලැව් ගිනි ඇතිවීමේ අවදානමක් ද පවතිනවා.

අද (15) සවස් කාලය වනවිට මෙල්බන් ඇතුලු වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක දැඩි උණුසුම් කාලගුණයක් පවතිනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

VicEmergency හරහා ලබාදෙන දැනුම් දීම් පිළිබඳව ද අවධානයෙන් සිටින ලෙසට ප්‍රාන්ත වාසීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ගතවූ සතියක කාලසීමාව තුළ ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක ලැව් ගිනි 70 ක් පමණ ඇතිවී ඇති බවයි Emergency Management Victoria හි වැඩබලන කොමසාරිස් Tim Wiebusch සදහන් කළේ.

ගිනි නිවන භට කණ්ඩායම් ද ඕනෑම් හදිසි තත්වයක් උදෙසා සූදානමින් සිටින බවද එහි වැඩිදුරටත් සදහන් වනවා.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »