Search

ණය බරින් පෙළෙන වික්ටෝරියා රජයට $ බිලියන 26 ක වාසියක්

ඉදිරි මූල්‍ය වර්ෂයේදී ඩොලර් බිලියන ගණනක අමතර බදු ආදායමක් ලබා ගැනීමේ අවස්ථාවක් වික්ටෝරියා ප්‍රාන්ත රජයට උදාවී තිබෙනවා.

ඒ අනුව 2025 – 2026 මූල්‍ය වර්ෂයේදී ඩොලර් බිලියන 26 ක අමතර බදු ආදායමක් වික්ටෝරියාවට ලබා දීමටයි ඊයේ (14) රැස්වූ ප්‍රාන්ත සහ ෆෙඩරල් රජයේ ප්‍රතිපාදන කොමිසම අනුමැතිය දී ඇත්තේ.

එය මෙම වසරේදී වික්ටෝරියා ප්‍රාන්ත රජයද අනුමත කළ භාණ්ඩ හා සේවා (GST) බද්දට වඩා ඩොලර් බිලියන 3.7 ක අමතර මුදලක් වීමද විශේෂත්වයක්.

හිඟ ණය විශාල ප්‍රමාණයක් ගෙවීමට ඇති ප්‍රාන්තයක් වන වික්ටෝරියාවට මෙය සුභවාදී පණිවිඩයක් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

ලබන වසර සදහා සියලුම ප්‍රාන්ත වෙත වෙන්කර ඇති බදු ප්‍රදානය ඩොලර් බිලියන 95.1 ක්.

එයින් වැඩිම කොටස වෙන්කර ඇත්තේ වික්ටෝරියාවට වීමද විශේෂත්වයක්.

සෙසු ප්‍රාන්ත සදහා වෙන්කර ඇති බදු ප්‍රදානයන් පහත පරිදියි.

NSW – $25.5 billion
Queensland – $16.6 billion
South Australia – $9 billion
Western Australia – $7.8 billion
Northern Territory – $4.5 billion
Tasmania – $3.6 billion
Australian Capital Territory – $1.9 billion