
යුක්‍රේන සාම සාධක මෙහෙයුම් පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවකට ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් අද (15) එක් වනවා.
බටහිර ලෝක නායකයන් රැසක් සහභාගී වන මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ සමූහ දුරකතන සංවාදයක් ලෙසයි.
බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයාගේ ආරාධනයකට අනුවයි අගමැති ඇල්බනීස් මෙම සාකච්ඡාවට එක්වන්නේ.

ඒ සදහා ප්‍රංශය, නවසීලන්තය, කැනඩාව, ජර්මනිය මෙන්ම ඉතාලිය යන රටවල රාජ්‍ය නායකයන්ද එක්වීමට නියමිතයි.
යුක්‍රේන සාම සාධක මෙහෙයුම් සදහා සහයෝගය ලබාදීම කෙරෙහි ඔස්ට්‍රේලියාවේ ද අවධානය යොමු වී තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර යුරෝපා රටවල රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා කිරීමටයි අගමැති ඇල්බනීස් තීරණය කර ඇත්තේ.
අගමැති ඇල්බනීස් මීට පෙර සදහන් කර තිබුණේ යුක්‍රේනය ඉල්ලා සිටියහොත් සාම සාධක භටයින් යැවීමට ඔස්ට්‍රේලියාව කිසිසේත් පසුබට නොවන බවයි.