
සිඩ්නි හි දුම්රිය ජාලයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම්දෙනවා.
අද උදෑසන Ashfield හි දුම්රිය ධාවනයේ සංඥා පද්ධතියේ ගැටළුවක් මීට හේතුවූ බවයි සිඩ්නි දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය මෙහෙයුම් විධායක අධ්‍යක්ෂ ජාස් ටම්බර් පැවසුවේ.
මේ හේතුවෙන් මගීන්ට වෙනත් විකල්ප ප්‍රවාහනයක් භාවිත කරන ලෙසයි දුම්රිය මෙහෙයුම් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියාසිටියේ.

සිඩ්නි හි ඇතැම් නගරවල දුම්රිය වෙනුවට බස් රථ යොදවා ඇති බවද වාර්තා වනවා.
ඇතැම් මගීන් පැය 2 කට වැඩි කාලයක් දුම්රිය ස්ථානයේ රැඳී සිටි බවයි මාධ්‍ය වාර්තා පළකරන්නේ.
