
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රැප් ගායක “ශාන් පුතා” නම් තැනැත්තා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටියදී මෙම පුද්ගලයා පොලිස් අත්ඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදීයි.

ඔහුට ගිනි අවිය ලබාදුන් බව පවසන පුද්ගලයා මන්නාරම පොලිස් කොට්ඨාසයට අනියුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු බවයි පැවසෙන්නේ.
එම පුද්ගලයා අදාළ රැප් ගායකයාගේ කළමනාකරු වශයෙන් කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

මෙම පොලිස් කොස්තාපල්වරයා විසින් මාතර, කොටවිල පොලිස් ස්ථානයේදී සේවය කරමින් සිටි කාලයේදී මෙම ගිනි අවිය “ශාන් පුතා” වෙත ලබා දී තිබෙන බව ද වැඩිදුරටත් සදහන් වනවා.
සැකකරුවන් දෙදෙනාම මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසු වනවා.