
2025 වසරේ ලෝකයේ සංචාරය සඳහා විශිෂ්ටතම ස්ථාන 100 නම් කර තිබෙනවා.
නිව්යෝර්ක් පදනම් කරගත් ප්‍රවෘත්ති සඟරාවක් විසිනුයි මෙම ස්ථාන නම් කර ඇත්තේ.
එම 100 ඇතුලත ඔස්ට්‍රේලියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද සුන්දර ස්ථාන ඇතුලත්ව තිබීම විශේෂත්වයක්.

ක්වින්ස්ලන්තයේ බ්‍රිස්බන් හි පසුගිය නොවැම්බර් මස විවෘත වු (Bluey’s World) බ්ලූස් වර්ල්ඩ් එ් අතර වනවා.
බ්ලූස් වර්ල්ඩ් 2024 වසරේදී අමරිකාවේ වැඩිපුරම නැරඹූ රූපවාහිනී කාටූනයක් අලලා සැකසූවක් බවයි සැලකෙන්නේ.

එමෙන්ම ඇඩිලේඩ් සහ ඩාර්වින් හි ඇති (The Ghan) ඝාන් ස්ථානය ද ලොව විශිෂ්ටතම ස්ථාන අතර වන බවයි එම සඟරාවේ දැක්වෙන්නේ.
ඝාන් හි දුම්රිය මාර්ගය පූජනීය ආදිවාසී ස්ථාන පසුකරමින් කැන්ගරුවන්ගෙන් පිරුණු විශාල කාන්තාර තැනිතලා හරහා සහ කිඹුලන් පිරුණු ගෝර්ජ් හරහා ගමන් කරන සුන්දර ස්ථානයක් වනවා.
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ඇති The Pekoe Trail (ද පීකොක් ට්‍රේල්) වතුයාය ඉහළ ශ්‍රේණියේ කළු තේ වගාවන්ගෙන් පිරුණු අලංකාර ප්‍රදේශයක් බවයි සඟරාවේ දක්වා ඇත්තේ.
සැතැප්ම 186 ක දුරකින් යුත් මෙම The Pekoe Trail (ද පීකොක් ට්‍රේල්) වතුයාය බ්‍රිතාන්‍යයන් විසිනුයි ඉදිකර ඇත්තේ.
මෙම නිව්යෝර්ක් සඟරාවේ කෞතුකාගාර, අවන්හල් සහ ජාතික වනෝද්‍යාන මෙන්ම නිවාඩු නිකේතන ද ඉස්මතුකර තිබෙනවා.