Search

වොම්බැට් මවකගෙන් පැටවා උදුරා යන වීඩියෝවට Social Media වලින් දැඩි විරෝධයක්

වොම්බැට් මවකගෙන් පැටවා උදුරාගෙන ගිය අමරිකානු කාන්තාව ඔස්ට්‍රේලියාවෙන් පිටව ගොස් ඇතැයි රජය තහවුරු කරනවා.

සෑම් ජෝන්ස් නම් මෙම කාන්තාව ඔස්ට්‍රේලියාවේ මොන්ටානා හි මාර්ගයක් අසල සිටි වොම්බැට් පැටවෙකු රැගෙන මෝටර් රථය වෙත දිවයන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ හුවමාරු කර තිබෙනවා.

එහිදී වොම්බැට් පැටවාගේ මව මෙම කාන්තාව පසුපස ලුහුබඳින ආකාරයද වීඩියෝවේ දැක්වෙනවා.

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබූ අතර ඔස්ට්‍රේලියා රජය සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඇමරිකානු කාන්තාවගේ වීසා බලපත්‍රය පිළිබඳව ද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සමාලෝචනයක් සිදුකර ඇති බවද සඳහන්.

මේ අතර අගමැති ඇන්තනී ඇල්බනීස් ඊයේ පර්ත් හි පැවති මාධ්‍ය හමුවකදී මෙම සිද්ධිය දැඩි දෝෂාරෝපනයට ලක්කර තිබුණා.

ඔහු එහිදී පැවසුවේ මවකගෙන් දරුවෙකු උදුරා ගැනීම එම සත්වයා දැඩි පීඩාවට ලක්කරන කාරණයක් බවයි.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »