Search

පාර්ලිමේන්තුවට ගිය සිඩ්නි රෝහලේ ගැටළුව

සිඩ්නි හි රෝහලක ප්‍රතිකාර සම්බන්ධයෙන් NSW පාර්ලිමේන්තුව විමර්ශනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

මෑතකදී සිදුවූ දරුවෙකුගේ ඛේදජනක මරණයක් සම්බන්ධයෙන් (Northern Beaches Hospital) නෝත් බීචස් රෝහලට ඔහුගේ දෙමාපියන් විසින් දැඩි ලෙස චෝදනා එල්ල කරනු ලැබුවා.

පසුගිය සැප්තැම්බරයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 2 ක් වයසැති ජෝ මාසාගේ මරණයෙන් පසු රෝහල දැඩි පරීක්ෂාවකට ද ලක්කෙරුණා.

ඉන් සාධාරණ පරීක්ෂණයක් සිදු නොවීම හේතුවෙන් දරුවාගේ දෙමාපියන් සෞඛ්‍ය අමාත්‍ය රයන් පාක්ව හමුව ඇති බවයි වාර්තා වන්නේ.

අද උදෑසන NSW හි සෞඛ්‍ය අමාත්‍යවරයා එම පොරොන්දුව ඉෂ්ට කරමින් පවසා ඇත්තේ නැවතත් මෙවැනි ඛේදවාචකයක් සිදුනොවීමට වගබලා ගැනීම පිණිස රෝහල පිළිබඳ දැඩි විමර්ශනයක් සිදුකරන බවයි.

ඒ වෙනුවෙන් පත්කර ඇති අදාල කමිටුව විසින් සිඩ්නි හි නෝත් බීචස් රෝහල් පද්ධතියේ ක්‍රියාවලිය මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රමිතිය පිළිබඳ සොයාබලනු ඇති.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »