Search

ලංකිකයන් වැඩියෙන්ම දිවි ගෙවන රටවල් අතර ඔස්ට්‍රේලියාවට හිමි තැන

ශ්‍රී ලංකාවෙන් බැහැර ශ්‍රී ලාංකිකයන් බහුලවම ජීවත් වන රටවල් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ලාංකිකයන් ලක්ෂ 07 කට ආසන්න පිරිසක් ජීවත්වන මහා බ්‍රිතාන්‍යයයි පළමු ස්ථානයට පත්ව ඇත්තේ.

දෙවන ස්ථානයට ලාංකිකයන් 320,000 ක් පමණ වාසය කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යය පත්වී තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් 200,000 ක් වාසය කරන කැනඩාව තුන්වන ස්ථානයේත් 185,000 ක් දිවි ගෙවන ඉන්දියාව සිව් ස්ථානයේ පසු වනවා.

මෙහිදී ඔස්ට්‍රේලියාවට ලැබී ඇත්තේ පස් වන ස්ථානයයි.

මෙම සමීක්ෂණයට අනුව ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 160,000 කට ආසන්නයි.

කටාර් – ඉතාලිය – කුවේට් – සෞදි අරාබිය සහ අමෙරිකාව එහි මුල් ස්ථාන 10 ට ඇතුලත් සෙසු රටවල් වනවා.

ශ්‍රී ලාංකිකයන් 57,000 ක් වාසය කරන ජපානයට ලැබී ඇත්තේ මෙහි එකොලොස් වන ස්ථානයයි.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »