Search

ලාංකික ව්‍යාපාරිකයෙකු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සම්මාන උළෙලකට

ඔස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාරහිමියන් වෙනුවෙන් පිරිනමන Australian Small Business Champions Award 2025 සම්මාන උළෙල මෙවරත් 26 වන වතාවට සිඩ්නි හීදී පැවැත්වෙනවා.

සම්මාන උළෙල සඳහා සෑම ප්‍රාන්තයකම සිටින කුඩා ව්‍යාපාර හිමියන් අයදුම් කරන බවයි පැවසෙන්නේ.

එම සම්මාන උළෙලේ කාණ්ඩ දෙකක් සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන ලලන්ත ද සිල්වා හිමිකාරීත්වය දරන Groovy Graphics and Signs ආයතනය නිර්දේශ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්තවල සිටින කුඩා ව්‍යාපාර හිමියන් 5,500 දෙනෙකු මෙවර සම්මාන උළෙල සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබුණා.

පැවති අධික ඉල්ලුම හේතුවෙන් අයදුම්පත් භාරගැනීමේ කාලය සති දෙකකින් දීර්ඝ කිරීමටයි සංවිධායක මණ්ඩලය පියවර ගෙන ඇත්තේ.

ලලන්ත ද සිල්වා ගේ Groovy Graphics and Signs ආයතනය සම්මාන උළෙලේ අවසන් වටය සඳහා BUSINESS SERVICES සහ RETAIL SOLE OPERATOR යන කාණ්ඩ දෙක සඳහා නිර්දේශ වී ඇති බව සංවිධායක මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

Graphic Designer සහ Sign Writer වරයෙකු වන ලලන්ත ද සිල්වා මහතා Groovy Graphics and Signs ආයතනය ආරම්භ කර තිබුණේ 2000 වසරේ දීයි.

වසර 25කට ආසන්න කාලයක් එම ආයතනය විසින් ඔස්ට්‍රේලියාවේ Signage industry එක සඳහා කර ඇති මෙහෙය වෙනුවෙන් ඔහු පසුගිය වසරේ ඇගයීමටද ලක්වුණා.

ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්තවල සිටින ලියාපදිංචි කුඩා ව්‍යාපාර හිමියන් ඉලක්ක කර, ඔවුන් දිරි ගැන්වීම සඳහා සිදුකරනු ලබන එකම සම්මාන උළෙල මෙය වන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.