
තවත් මාස කිහිපයකින් ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්තවල විදුලි ගාස්තු වැඩි වන අගයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ජූලි 01 වනදා සිට මෙම සංශෝධන සිදු වනු ඇති බවයි ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමන ආයතනය සදහන් කළේ.
මේ අනුව නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ් සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වාසීන්ට ඔවුන් භාවිත කරන විදුලි සැලසුම අනුව වසරකට ඩොලර් 114 ත් 200 ත් අතර අගයකින් විදුලි ගාස්තු වැඩි වීමට නියමිතයි.

කෙසේ වෙතත් වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට විශාල අගයකින් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු වන්නේ නැහැ.
වික්ටෝරියා ප්‍රාන්තය බලශක්ති නියාමනයේ වෙනස්ම සැලසුමකට යටත්ව සිටීම ඊට හේතුවයි.

ඒ අනුව ඔවුන්ට ඩොලර් 19 ක ගාස්තු අඩුවීමක් හෝ ඩොලර් 68 ක වාර්ෂික ගාස්තු වැඩි වීමකට මුහුණ දීමට සිදුවනු ඇති.