
නිවසේ භාවිත කරන භාණ්ඩ 11,000 කට ආසන්න සංඛ්‍යාවක් ඩොලර් 01 වැනි අඩු මුදලකට මිලදී ගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට මහඟු අවස්ථාවක් උදාවී තිබෙනවා.
ඒ ප්‍රකට වෙන්දේසි සමාගමක් වන Lloyds Auctions නුදුරේදී පැවැත්වීමට නියමිත දැවැන්ත ගෘහ විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ ඇතුලු භාණ්ඩ රාශියක් අද සිට දින 12 ක් පුරා ස්ථාන 25 කදී මෙලෙස අලෙවි කෙරෙනු ඇති.
මාර්ගගත (Online) ක්‍රමයට එම භාණ්ඩ මිලදී ගැනීමටද පහසුකම් සලසා දී තිබීමද විශේෂත්වයක්.

සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 6 ක් පමණ වන අතර ගැනුම්කරුවන්ට සියයට 80 ක් දක්වා වට්ටම් හිමි වීමද කැපී පෙනෙනවා.
Lloyds Auctions වෙන්දේසියේදී මිලදී ගනු ලබන සෑම භාණ්ඩයක්ම ඔස්ට්‍රේලියාවේ ඕනෑම ස්ථානයකට ප්‍රවාහනය කිරීමද සුවිශේෂී ලක්ෂණයක්.
