
ලොව දුඟදම මලක් ලෙස සැළකෙන “Corpse Flower” අද (13) රාත්රියේදී මෙල්බන් හීදී පිපෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
මෙම දුර්ලභ සිදුවීම Bayside අර්ධ නාගරික ප්රදේශයේ පිහිටි Collectors Corner Garden World හීදී මෙල්බන් වාසීන්ට දැකබලා ගැනීමට අවකාශය හිමි වන බවයි දැක්වෙන්නේ.
ගතවූ මාස 06 ක කාලසීමාව තුළ වික්ටෝරියා ප්රාන්තය තුළ මෙම මලක් පිපෙන තුන්වන අවස්ථාව ද මෙයයි.

ලොව පුරා සිටින පරිශීලකයන්ට ද මෙම අපූරු අවස්ථාව සජීවීව නැරඹීමට ද අවස්ථාව සලසා දී තිබෙනවා.
මෙම මලෙන් කුණු වූ මාංශවල දුර්ගන්ධයට සමාන දුඟදක් වහනය වන බවද වැඩිදුරටත් සදහන් වනවා.
