
මෙල්බන් නගරයට සෙනසුරාදා වනවිට දැඩි උෂ්ණත්වයක් බලපානු ඇතැයි ඔස්ට්‍රේලියා කාළගුණ විද්‍යා කාර්යංශය පවසනවා.
නගර මධ්‍යයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් පමණ වනු ඇති බවයි ඔවුන් අපේක්ෂා කරන්නේ.
Australian Grand Prix තරඟාවලියට සුදුසුකම් ලැබීමේ සැසි ලබන සෙනසුරාදා මෙල්බන්හිදී පැවැත්වීමට ද නියමිතයි.

වික්ටෝරියාවේ ගීලෝන්ග් හිදී ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිත AFL තරඟාවලියේ නීති රෙගුලාසි අනුව උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 ක් දක්වා ඉහළ ගියහොත් තරඟ ප්‍රමාද කිරීමට හෝ කල්දැමිය හැකි වන බවයි වාර්තා පළවන්නේ.
එමෙන්ම මෙල්බන්හි තදාසන්න ප්‍රදේශවල උෂ්ණත්වය තවත් ඉහළ යනු ඇති බවද කාලගුණ විද්‍යාඥයින් අපේක්ෂා කරනවා.

මේ අතර සති අන්තයේ ගිනිකොණදිග ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය ද සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යන බවයි කාළගුණ විද්‍යා කාර්යංශය අනාවැකි පළකරන්නේ.