
ඉකුත්දා වික්ටෝරියාවේ මෙරිගන් හි භූමි ප්‍රදේශයක වගා කර තිබූ ඩොලර් මිලියන 35 ක් වටිනා නීති විරෝධී දුම්කොළ වගාවක් ආරක්ෂක අංශ විසින් වටලා තිබෙනවා.
අක්කර 13 කට වැඩි භූමි ප්‍රදේශයක සූක්ෂම අයුරින් මෙම වගාව පත්වාගෙන ගොස් තිබූ බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ටොන් 16 ක පමණ නීති විරෝධී දුම්කොළ එම භූමියේ වගා කර තිබුණා.

වික්ටෝරියා පොලීසිය සහ ඔස්ට්‍රේලියා දේශ සීමා බලකාය එක්ව මෙම මෙහෙයුම සිදු කර තිබීමද විශේෂත්වයක්.
ඔස්ට්‍රේලියා බදු කාර්යාලයේ (ATO) සහකාර කොමසාරිස් ජේඩ් හෝකින්ස් මෙම වැටලීම සදහා තොරතුරු ලබා දුන් ප්‍රජාව වෙත සිය ස්තූතිය පුද කර තිබෙනවා.

අදාළ භූමියේ වගා කර තිබූ නීති විරෝධී දුම්කොළ වගාව ආරක්ෂක අංශ විසින් සම්පූර්ණයෙන් විනාශ කරනු ලැබූ බවයි දැක්වෙන්නේ.
ඔස්ට්‍රේලියාවේ නීති විරෝධී දුම්කොළ වෙළදපොළෙන් සියයට 75 ක් පමණ පාලනය කරනු ලබන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් බවද එහි වැඩිදුරටත් සදහන් වනවා.