Search

Superannuation මූල්‍ය ආයතනයට නඩු

ඔස්ට්‍රේලියාවේ superannuation මූල්‍ය ආයතනයට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ විශාලතම විශ්‍රාම වැටුප් අරමුදල වන Australian Super මූල්‍ය ආයතනය දහස් ගණනක මරණ ප්‍රතිලාභ ගෙවීමට අපොහොසත්වී ඇති බවයි චෝදනාව වන්නේ.

ඒ අනුව මියගිය සාමාජිකයින්ගේ පවුල් සඳහා ඩොලර් මිලියන ගණනක් ගෙවීම් පැහැර හැර ඇති බවයි වාර්තා වන්නේ.

2019 වසරේ සිට 2024 ඔක්තෝම්බර් කාලය දක්වා 752 ක පමණ මරණ ප්‍රතිලාභ හිමිකම් බෙදාහැරීම කාර්යක්ෂමව සිදුවී නැහැ.

ප්‍රතිලාභ ලබාදීමට වසර 3 ක කාලයක් ගත කරන බවද විමර්ශනයේදී හඳුනාගත් බවයි ASIC ආයතනය පවසන්නේ.

සාමාජිකයින් මිලියන 3.5 කට පමණ අයත් ඩොලර් බිලියන 355 කට අධික විශ්‍රාම ඉතුරුම් කළමණාකරණයක් ඔස්ට්‍රේලියාවේ විශාලතම විශ්‍රාම වැටුප් අරමුදල සතු වනවා.

චෝදනාවලට අනුව ඩොලර් මිලියන 27 ක දඩයක් ගෙවීමට ෆෙඩරල් අධිකරණයෙන් Australian Super මූල්‍ය ආයතනයට නියෝග කර තිබෙනවා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »