Search

වික්ටෝරියාවේ තහනම් වෙන්න යන දේ – ළඟ තිබ්බොත් අවුරුදු 02 ක සිර දඩුවම්

වික්ටෝරියා ප්‍රාන්ත රජය Machete ඇතුලු තියුණු ආයුධ තහනම් කිරීම සදහා සූදානම් වනවා.

ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් අද (13) නිවේදනය කළේ නිසැකවම Machete ආයුධ තහනම් කරන බවයි.

ප්‍රාන්තය තුළ දිනෙන් දින වර්ධනය වන අපරාධ රැල්ල අවසන් කිරීම වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

ඒ අනුව ලබන සැප්තැම්බර් පළමු වෙනිදා සිට වික්ටෝරියාව තුළ Machete තහනම් ආයුධයක් ලෙසට වර්ගීකරනය කෙරෙනු ඇති.

එවැනි ආයුධ ළඟ තබාගෙන අත්අඩංගුවට පත්වන වික්ටෝරියානුවන්ට වසර දෙකක් දක්වා සිර දඩුවම් හෝ ඩොලර් 47,000 ක දඩ මුදලක් දඩුවම් වශයෙන් පැනවීමට නියමිතයි.

මෙම වසරේ සැප්තැම්බර් මස පළමු වෙනිදා සිට නොවැම්බර් 30 වනදා දක්වා පොදු සමා කාලයක් ක්‍රියාත්මක වන අතර එම කාලසීමාවේදී වික්ටෝරියානුවන්ට එම ආයුධ භාර දීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

කෙසේ වෙතත් කෘෂිකාර්මික කටයුතු සහ දඩයම් කටයුතුවල නිරත වන්නන් ද මෙවැනි ආයුධ භාවිත කරන බැවින් ඔවුන්ට යම් සහනයක් ලබාදිය යුතු බවද එහි වැඩිදුරටත් සදහන් වනවා.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »