Search

නවතම Flying Scooter මාදිලියක් ජපානයෙන්

ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් ජපානය ඩොලර් 2,999කට (Flying Scooter) පියාසර කරන ස්කූටරයක්  හඳුන්වා දී තිබෙනවා.

BYD ආයතනයේ චීන ප්‍රධාන විධායක නිලධාරීයා විසිනුයි මෙම (Flying Scooter) ෆ්ලයින් ස්කූටරය එළිදක්වා ඇත්තේ.

පුද්ගලික ප්‍රවාහනයේ දැවැන්ත පෙරළියක් මෙමගින් සිදුකළ හැකි වනු ඇති බවයි චීන ප්‍රධාන විධායක නිලධාරීයා එහිදී පවසා ඇත්තේ.

මෙමගින් ලොව පුරා නගරබදව ඇති රථවාහන තදබදය, දූෂණය සඳහා තිරසාර විසඳුමක් බව ඔහු පෙන්වාදෙනවා.

අති නවීන තාක්ෂණයකින් යුත් නවතම මෝස්තරයකින් මෙම (Flying Scooter) ෆ්ලයින් ස්කූටරය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

මෙම නවතම ස්කූටරය මගින් පැයට සැතැප්ම 60 ක උපරිම වේගයකින් ගමන් කළ හැකි අතර එක් ආරෝපණයකින් සැතැප්ම 30 ක් ධාවනය කළ හැකි වනවා.

මෙම පියාසර කරන ස්කූටරයේ විශේෂත්වය වනුයේ එහි සිරස් ගුවන් ගත කිරීම සහ ගොඩබෑමට හැකිවීමයි.

පරිසර හිතකාමීව නිපදවා ඇති මෙම ෆ්ලයින් ස්කූටරයට දිගු ධාවන පථයක අවශ්‍යතාවයක් නොමැති අතර කාර්යබහුල නගර, වීදී හෝ ජනාකීර්ණ ප්‍රදේශයක වුවද ගමන් කළ හැකි බවයි BYD ආයතනයේ චීන ප්‍රධාන විධායක නිලධාරීයා  වැඩිදුරටත් කියාසිටියේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »