Search

අනතුරුදායක භාණ්ඩයක් Panda Mart වෙළඳ සැළේ

මෙල්බන් හි වට්ටම් ලබාදුන් වෙළඳ සැළක භාණ්ඩයක් හදිසියේ නැවත කැඳවීමක් සිදුකර තිබෙනවා.

පසුගියදා වට්ටම් ලබාදුන් පැන්ඩා මාර්ට් (Panda Mart)  වෙළඳසැලේ මේස ලාම්පුවකුයි (table lamps) මෙ‍ෙලස නැවත කැඳවීමට සිදුව ඇත්තේ.

වික්ටෝරියාවේ බලශක්ති ආරක්ෂිත ආයතනය පවසන්නේ එම ලාම්පුවල නිරාවරණය වූ වයර් සොයාගැනීමට හැකි වූ බවයි.

එහි ප්‍රධාන විධායක ලීන් හියුසන් අනතුරු ඇඟවූයේ එම වයර් ස්පර්ශවී විදුලි සැර වැදීමෙන් විදුලි කම්පනයක් හෝ මරණයක් වුවත් සිදුවිය හැකි බවයි.

පෙබරවාරි මස 27 වනදා සිට මෙල්බන් හි පැන්ඩා මාර්ට් වෙළඳසැලෙන් මෙම මේස ලාම්පු සිය ගණනක් මේ වනවිට අලෙවි වී තිබෙනවා.

පැන්ඩා මාර්ට් වෙළඳසැළේ මේ වනවිට එම වර්ගයේ මේස ලාම්පු අලෙවිය අත්හිටුවා ඇති බවයි වාර්තා පළවන්නේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »