
පවතින ජීවන අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියානුවන්ට ඉදිරියේදී ඉහළ විදුලි බිලකට මුහුණදීමට සිදුවනවා.
ඔස්ට්‍රේලියා බලශක්ති නියාමක ආයතනය විසින් අද නිවේදනයේ කළේ ජූලි මස පළමු වනදා සිට විදුලි බිල සියයට 9 ක් දක්වා ඉහළ යනු ඇති බවයි.
ඒ අනුව NSW, ගිනිකොනදිග ක්වීන්ස්ලන්ඩ් සහ දකුණු ඕස්ට්රේලියාවේ පාරිභෝගිකයින් සඳහා සියයට 2.5 ත් 8.9 ත් අතර ප්‍රමාණයක් විදුලිබිල ඉහළ යනු ඇති.

පවතින උද්ධමනය අනුව ඩොලර් 60 ත් ඩොලර් 140 ත් අතර වාර්ෂික මිල වැඩිවීමක් අපේක්ෂා කරන බවයි ඔස්ට්‍රේලියා බලශක්ති නියාමක ආයතනය කියාසිටියේ.
කුඩා ව්‍යාපාර සඳහා සියයට 4.2 ත් 8.2 ත් අතර වර්ධනයක් දැකිය හැකි වනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ගණුදෙණුකරුවන් සඳහා සමහර ප්‍රාන්තවල වාර්ෂික මිල ඩොලර් 19 කින් පමණ පහත වැටෙන නමුත් ඇතැම් ප්‍රාන්තවල ඩොලර් 68 දක්වා ඉහළ යනු ඇති බවයි ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය සේවා කොමිෂන් සභාව සඳහන් කළේ.
ඔස්ට්‍රේලියා කළාප 5 පුරා පසුගිය වසරට සාපේක්ෂව විදුලි බිල ඩොලර් 12 කින් පමණ වැඩිවීමට නියමිතයි.
සුළි කුණාටුවෙන් පීඩිතව සිටින නිව් සවුත්වේල්ස් සහ ක්වින්ස්ලන්ඩ් වැසියන්ට විදුලි බිල ඉහළ යාම ඉතා දුෂ්කර වනු ඇති බවයි ඔස්ට්‍රේලියා බලශක්ති නියාමක ආයතනය පවසන්නේ.