Search

ඩයිනෝසර් පා සලකුණු ක්විස්න්ලන්ඩ් පාසලකින් හමුවෙයි

ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් හි පාසලක පාෂාණයක තිබී ඩයිනෝසරයින්ගේ පා සටහන් රැසක් සොයාගෙන තිබෙනවා.

 වසර 20 ක් තිස්සේ එම පාෂාණය පාසලේ ප්‍රදර්ශනයට තබා තිබූ අතර එය වසර මිලියන 200 ක් පැරණි එකක් බවටයි පුරාවිද්‍යාඥයින් අනාවරණය කරගෙන ඇත්තේ.

 එහි තිබී තනි තනි ඩයිනෝසරයින් 47 දෙනෙකුගේ පා සටහන් 66 ක් හමු වූ බව පුරාවිද්‍යාඥයින් පවසනවා.

 කිසිදු ෆොසිල අස්ථියක් පා සටහන් සමග නොතිබූ බැවින් මෙම ඩයිනෝසර් වර්ගය කුමන විශේෂයකට අයත්ද යන්න මෙතෙක් හඳුනා ගෙන නැහැ.

 ඇඟිලි 3 කින් යුත් පා සටහන් වල විශාලත්වය මත පදනම්ව මෙම ඩයිනෝසරයින් සෙන්ටිමීටර් 20 ත් 76 ත් අතර උසකින් යුක්ත බවයි ඔස්ට්‍රේලියා පුරාවිද්‍යාඥයින් කියාසිටියේ.

 එමෙන්ම එම ඩයිනෝසරයින් පැයට කිලෝමීටර් 2 ත් 6 ත් අතර වේගයකින් ගමන් කරන බවද ඔස්ට්‍රේලියා පුරාවිද්‍යාඥයින් අනාවරණය කර ගෙන තිබෙනවා. 

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »