
සම්පූර්ණ කෘත්‍රිම හදවතක් සහිතව රෝහලෙන් පිටව ගිය ලොව ප්‍රථම පුද්ගලයා ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.
පසුගිය වසරේ නොවැම්බර් මස සිඩ්නි හි ශාන්ත වින්සන්ට් රෝහලේදී පැය 6 ක කාලයක් මෙම සැත්කම සිදුකළ බවයි රෝහල් වාර්තා පවසන්නේ.
40 හැවිරිදි සම්පූර්ණ කෘත්‍රිම හදවතක් බද්ධ කළ මෙම පුද්ගලයා නිව් සවුත්වේල්ස් හි පදිංචිකරුවෙක්.

මෙම කෘත්‍රිම හදවත ටයිටේනියම් වලින් සාදා ඇත්තේ මෙඩි-ටෙක් සමාගමක් වන BiVACOR ආයතනය විසිනුයි.
අවයව පරිත්‍යාග ශීලියෙකුගෙන් හදවතක් ලැබෙන තෙක් රෝගීන් ජීවතුන් අතර තබා ගැනීම සඳහා මෙම නව නිර්මාණය සිදුකළ බවයි BiVACOR ආයතනය පවසන්නේ.

මාර්තු මාසයේ මෙම ඔස්ට්‍රේලියානු රෝගියාට පරිත්‍යාගශීලියෙකුගේ හදවතක් බද්ධ කර ඇති අතර කෘත්‍රිම හදවතක් තිබීම සහ හදවත් බද්ධ කිරීම අතර දිගු කාලයක් ජීවත් වූ ලොව පළමු වැන්නා ලෙසයි මොහු සැලකෙන්නේ.
මෙම කෘත්‍රිම හදවත් උපාංගයේ නිපැයුම්කරුවෙකු වන ආචාර්ය ඩැනියෙල් ටිම්ස් පැවසුවේ මෙම තාක්ෂණ ප්‍රගතිය පිළිබඳ තබා බොහෝසෙයින් ආඩම්බර වන බවයි.