
2025 QS World University Ranking නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ලොව හොඳම විශ්ව විද්‍යාල 50 සඳහා මෙල්බන් විශ්ව විද්‍යාලය ද තේරීපත්ව තිබෙනවා.
මෙම අධ්‍යයනයට පාදක කර ගෙන ඇති විෂය ක්ෂේත්‍ර පහම සලකා බැලීමෙන් පසුවයි මෙම නම් කිරීම සිදුකර ඇත්තේ.
මේ අනුව ජීව විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව යන ක්ෂේත්‍ර සඳහා මෙල්බන් විශ්ව විද්‍යාලය 15 වන ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.

ස්වභාවික විද්‍යා විෂය සඳහා මෙල්බන් විශ්ව විද්‍යාලයට ලැබී ඇත්තේ 49 වන ස්ථානයයි.
ඊට අමතරව තවත් කුඩා විෂය ධාරා 52 ක් සලකා බැලීමේදීත් ලොව හොඳම විශ්ව විද්‍යාල සියයය අතරට මෙල්බන් විශ්ව විද්‍යාලය පැමිණ තිබීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක් මෙම ශ්‍රේණිගත කිරීමේ හිමිකර ගෙන ඇති ඉහළම ස්ථානයේ පසුවන්නේ ද මෙල්බන් විශ්ව විද්‍යාලයයි.
මෙය මෙල්බන් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන පාඨමාලාවන් හි ගුණාත්මක භාවය පිළිබඳ පැහැදිලි සාධකයක් බවයි මෙල්බන් විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පවසන්නේ.
මෙල්බන් විශ්ව විද්‍යාලය අධ්‍යයන පීඨ 9 කින් සමන්විත වන අතර මෑත කාලීනව සියලුම ශ්‍රේණිගත කිරීම්වලින් ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලය බවට තේරීපත්වීම ද විශේෂත්වයක්.