Search

COVID නිසා මියගිය අයගැන අමුතුම අනාවරණයක්

යුරෝපා රටවල් හි COVID-19 වසංගතයෙන් මියගිය හා රෝගාතුරවී සිටින පුද්ගලයින් පිළිබඳව සොයා බැලීමට ලන්ඩන් පර්යේෂකයින් කණ්ඩායමකට හැකිවී තිබෙනවා.

ඒ අනුව 2020 /2022 වසර තුළ යුරෝපා රටවල් 18 ක පුද්ගලියන්ට අහිමි වූ ඔවුන්ගේ වයස්වල එකතුවෙන් එනම් වසර මිලියන 289 කින් වසර මිලියන 17 කට ආසන්න සංඛ්‍යාවක් COVID-19 වසංගතය හේතුවෙන් අහිමි වී ඇති බවයි අනාවරණය කර ඇත්තේ.

ලන්ඩනයේ ඉම්පීරීයර් කෝලේජ් හි මහජන සෞඛ්‍ය පාසලේ වෛද්‍ය සාරා අහමඩ් අබාරිගේ නායකත්වයෙනුයි මෙම අධ්‍යයනය සිදුකර තිබුණේ.

අධ්‍යයනයට අවුරුදු 35 ක් සහ ඊට වැඩි යුරෝපා ජාතිකයන් පිළිබඳව අවධානය යොමුකළ බවයි සාරා අහමඩ් පවසන්නේ.

මෙහිදී 2020/2022 වසරවල හෘද රෝග හා ඩිමෙන්ෂියාව ඇතුළු ආබාධිත භාවයන් සහ මරණ අනුපාතයන් COVID-19 වසංගතයේ බලපෑම් බවට තක්සේරු කර තිබෙනවා.

වසංගතය අතරතුර මියගිය අයගෙන් භාගයකට වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 80  ට වැඩි පුද්ගලයින් බවයි හෙළිවී ඇත්තේ.

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »