
මෙල්බන් හි පොදු නිවාස ඉදිකිරිම් ව්‍යාපෘති දෙකක් සම්බන්ධයෙන් හරිත පක්ෂය (Greens Party) විසින් වික්ටෝරියා රජයට චෝදනා එල්ල කරනවා.
මෙල්බන් හි ෆ්ලිමෙන්ටන් සහ උතුරු මෙල්බන් ප්‍රදේශයේ (Flemington and North Melbourne) යෝජිත නිවාස ව්‍යාපෘති නැවත ඉදිනොකරන බව පැවසීමෙන් පසුවයි හරිත පක්ෂය විසින් මෙම චෝදනා එල්ල කර ඇත්තේ.
මෙම ස්ථානවල පොදු නිවාස ඉදිකිරීමට තමන්ට කිසිදු අදහසක් නොමැති බවට ෆෙඩරල් රජය පසුගියදා පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ෆ්ලෙමින්ටන් සංවර්ධනය සඳහා වන සියලුම වගකීම් පෞද්ගිලක සමූහයකට භාර දුන් බවත් උතුරු මෙල්බන් හි නිවාස සංවර්ධනයට උනන්දුවක් දක්වන ඕනෑම සමාගමකට ඉදිරිපත් විය හැකි බවත් වික්ටෝරියා රජය අද පවසා තිබෙනවා.
පෞද්ගලික සමාගම්වලින් සිදුකරන මෙම නිවාස ව්‍යාපෘතීන් හි නිවාසවලින් බහුතරයක් මිල අධික මහල් නිවාස වනු ඇති බවයි හරිත පක්ෂය සඳහන් කළේ.

රජයේ මෙම අත්නෝමතික ක්‍රියාවලිය හේතුවෙන් ප්‍රජා නිවාස පොදු නිවාසවලට වඩා මිල අධික වනු ඇති අතර සමාන අයිතිවාසිකම් ද ඔවුන්ට හිමි නොවන බව හරිත පක්ෂය පැහැදිලි කරනවා.
නිවාස ව්‍යාපෘති පෞද්ගලික සමාගම්වලට භාරදීමෙන් ඔස්ට්‍රේලියාව තුළ පවතින නිවාස අර්බුදය පිළිබඳ ලේබර් රජය නොසලකා හරිමින් සිටින බවයි හරිත පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියාසිටියේ.