Search

අභ්‍යවකාශයේ රහස් හොයන්න නාසාවෙතින් අලුත් ම දුරේක්ෂයක්

නාසා ආයතනය සිය නවතම අභ්‍යවකාශ දුරේක්ෂය කක්ෂගත කර තිබෙනවා.

මුළු අහසම සිතියම්ගත කිරීම එම දුරේක්ෂය යැවීමේ ප්‍රධාන අරමුණ බවයි නාසා ආයතනය පවසන්නේ.

Spherex දුරේක්ෂය කැලිෆෝනියාවේ සිට දියත්කර ඇති බව ද වාර්තා වනවා.

මීට වැයවී ඇති මුදල අමරිකානු ඩොලර් 488 ක්.

වසර බිලියන ගණනක් පුරා මන්දාකිණි සෑදී පරිණාමය වූ ආකාරය සහ විශ්වය එහි පළමු අවස්ථාවන්හිදී මෙතරම් වේගයෙන් ව්‍යාප්ත වූ ආකාරය පැහැදිලි කර ගැනීම මෙම මෙහෙයුමේ අරමුණ බව නාසා ආයතනය කියාසිටියා.

මෙම නවතම දුරේක්ෂය මගින් නව සෞරග්‍රහ මණ්ඩලයෙන් මතුවන තාරකා අතර ඇති අයිස් වළාකුළුවල ජීවයක් පැවතීමට අවශ්‍ය සාධක පවතීද යන්න සොයාබැලීම සිදුකෙරෙනු ඇති.

කේතුවක් හැඩැති මෙම Spherex දුරේක්ෂය ලොව වටා කක්ෂගත වී වසර 2 ක් පුරා පූර්ණ අහසේ  සමීක්ෂණ 4 ක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි නාසා ආයතනය සඳහන් කෙළේ.