Search

මාලනී ෆොන්සේකාගේ සෞඛ්‍ය ගැන කටකතා බොරුවෙයි

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස හැඳන්වෙන මාලනී ෆොන්සේකාගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව මාධ්‍ය වාර්තා පවසනවා.

පසුගියදා ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ඇය මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

කෙසේවෙතත් අද උදෑසන වනවිට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් යහපත් අතට පත්ව ඇතැයි ඥාතීන් පවසා තිබෙනවා.

තත්ත්වය එසේ තිබිය දී මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා පැතිර යමින් පවතින අතර, ඒ සියල්ල අසත්‍ය බවත් මේ මොහොතේ මානසික පීඩාවන් ඇති නොකරන ලෙසත් මාලනී ෆොන්සේකාගේ ඥාතීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එසේ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යයට මුදාහරින පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බවයි මාලනී ෆොන්සේකාගේ ඥාතීන් වැඩිදුරටත් පවසා ඇත්තේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »