
අනුරාධපුර ශීක්ෂණ රෝහලේ විශේෂඥ පුහුණු වෛද්‍යවරිය දූෂණය කළ බවට සැක පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක නොහොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මධුර රත්නායක වන සැකකරු ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසූවේ.
අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පෙරේදා දිනයේ නිදහස ලබා පැමිණ ඇතැයි ද වාර්තා වනවා.

34 හැවිරිදි සැකකරු චීවරධාරියෙකු ලෙස ද සිට ඇති බව අනාවරණය වී තිබෙනවා.
පසුව යුද හමුදා සේවයෙන් පළා ගොස් සිට ඇති අතර සැකකරුව ගල්නෑව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු වෛද්‍යවරියව දූෂණය කිරීමෙන් අනතුරුව ඇගේ දුරකථන දෙකෙන් එකක් රැගෙන පළා ගොස් තිබූ අතර, එනෙක් දුරකථනයෙන් නැතිවූ දුරකථනය තිබෙන ස්ථානය පිළිබඳ ලද සංඥා අනුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර තිබුණා.
එහිදී අවුකන දුම්රිය පොළ ආසන්නයෙන් දුරකථන සංඥා නැවතී තිබීම හේතුවෙන් පොලීසිය විසින් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙමුම් දියත් කළා.
ඒ අනුවයි සැකකරු ගල්නෑව, එළබදුගම ප්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වුණේ.
මේ අතර මෙම සිද්ධියට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අද දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළා.