
ජීවිත තර්ජන හේතුවෙන් නවසීලන්තයට සංක්‍රමණය වූ ශ්‍රී ලංකා කාන්තා දේශපාලනඥවරියකට සරණාගතභාවය පිරිනමා තිබෙනවා.
32 හැවිරිදි මෙම තැනැත්තිය ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රබල චරිතයක් බවයි පැවසෙන්නේ.
දිනකිහිපයකට පෙර ඇයගේ නිවස ආයුධ සන්නද්ධ පිරිසක් වටලා තිබූ බවද මාධ්‍ය වාර්තා පළවනවා.

ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ ආධාරකරුවන් පිරිසක් එම සිද්ධියට සම්බන්ධ බවටයි චෝදනා එල්ල වන්නේ.
මෙම දේශපාලනඥවරියගේ ඥාතිවරයෙකුද මීට ඉහතදී යතුරුපැදි අනතුරකින් මරණයට පත්ව තිබුණා.

එම අවස්ථාවේදී ඔහුගේ මිනී පෙට්ටිය අසල තිබී තර්ජනාත්මක ලියවිල්ලක්ද සොයාගනු ලැබ තිබූ බවයි පැවසෙන්නේ.
මෙම තර්ජන හමුවේ අදාල දේශපාලනඥවරිය නවසීලන්තයට පළාගොස් තිබූ අතර ඒ අනුවයි ඇයට සරණාගතභාවය ලැබී ඇත්තේ.
ඇයගේ දෙමාපියන්ගේ නිවසද 2022 වසරේදී ගිනි ගැනීමට ලක්ව තිබූ බවද වැඩිදුරටත් සඳහන් වනවා.