Search

වික්ටෝරියාවේ අපරාධ රැල්ලට තිත – ඇප නීතී දැඩි කරයි

ප්‍රජා ආරක්ෂාවට මූලිකත්වය දෙමින් සියලු ඇප නීති තීරණය කළ බව වික්ටෝරියා අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් පවසනවා.

වික්ටෝරියා ප්‍රාන්තය පුරා ඉහළ යන තරුණ අපරාධ රැල්ල ඇතුළු ආයුධ සන්නද්ධව නිවැසියන් භීතියට පත්කිරීම්  හේතුවෙන් ඇප නීති දැඩි කරන ලෙස ජනතාව පසුගියදා රජයෙන් ඉල්ලා සිටියා.

ඊට ප්‍රතිචාරයක් වශයෙන් ඊයේ කැබිනට් මණ්ඩල අනුමැතියට අනුව ඇප නීති සංශෝධනය කළ බවයි ජසින්ටා ඇලන් පැවසුවේ.

ඒ අනුව තහනම් ආයුධ භාවිත කරමින් සිදුකරන අපරාධ සම්බන්ධයෙන් හා නිවාස මෙන්ම මෝටර් රථ කොල්ලකෑම් වලදී දැඩි ඇප නීති පනවා ඇති බවයි සංශෝධනයේ දක්වා ඇත්තේ.

ඇප මත සිටියදී බරපතල වරදක් සිදුකළහොත් සැකකරුට ඇප ලබාදිය නොහැකි වන අතර මේ හේතුවෙන් ඇප වෙනුවෙන් ඔවුන්ට විශාල අභියෝග රැසකට මුහුණදීමට සිදුවනු ඇති.

මේ අතර තරුණ අපරාධ කරුවන් බන්ධනාගාරවල රැඳවීම අවසාන විසඳුම නොවන බවයි වික්ටෝරියා අගමැතිනි අවධාරණය කළේ.

මෙම නව ඇප නීති ප්‍රතිසංස්කරණය හැකිඉක්මනින් පාර්ලාමේන්තුවට ඉදිරිපත් කර ක්‍රියාත්මක කරන බව අගමැති ජසින්ටා ඇලන් වැඩිදුරටත් ප්‍රකාශකළා.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »