
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුලු තවත් ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු යොදා ගනිමින් ව්‍යාජ Crypto දැන්වීම් කිහිපයක් නිර්මාණය කර තිබෙනවා.
මෙම වංචනික දැන්වීම් Facebook සහ Instagram යන සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රවර්ධනය කරන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය අද (12) නිවේදනය කළේ.
විදේශීය රටක ක්‍රියාත්මක වන ආයතනයක් විසිනුයි මෙම වංචනික ක්‍රියාකාරකම් සිදු කරනු ලබන්නේ.

ඒ හරහා ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන් ඉලක්ක කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා.
මෙම ව්‍යාජ දැන්වීම් පළ කරන ගිණුම් ලිතුවේනියාව පාදක කරගෙන නිර්මාණය වූ ඒවායි.

මීට පෙර ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් ඇතුලු කිහිප දෙනෙක් ද සම්බන්ධ කරගනිමින් මෙම වංචාකරුවන් සමාජ මාධ්‍යයන් හි ව්‍යාජ දැන්වීම් පළ කළා.
එවැනි වංචනික ක්‍රියාකාරකම්වලින් ප්‍රවේශම් වෙන ලෙසටයි අග්‍රාමාත්‍ය කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ