
ඔස්ට්‍රේලියාවේ වානේ කර්මාන්තයට අමෙරිකාව විසින් පැණ වූ බදු, ලිහිල් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද අවධාරණය කළා.
ඒ අනුව අද සිට එම ආනයනය තීරු බද්ද ක්‍රියාත්මක වනු ඇති.
මේ අතර ධවල මන්දිරය ගත් මෙම තීරණය මුළුමනින් ම අයුක්ති සහගත බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් චෝදනා කරනවා.

මේ වෙනුවෙන් ඇමරිකාවට අඛන්ඩව බලපෑම් කරන බවයි අගමැතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.
කෙසේවෙතත් ඇමරිකාවට පළිගැනීම වෙනුවෙන් බදු පැනවීමට අපේක්ෂා නොකරන බවයි ඇන්තනී ඇල්බනීස් සඳහන් කළේ.

අමෙරිකාව විසින් පැණවූ බදු හමුවේ වානේ කර්මාන්තයට වන හානිය අවම කර ගැනීමේ අරමුණින් ඔස්ට්‍රේලියාව සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවා.
ඒ සියල්ල ව්‍යර්ථ කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔස්ට්‍රේලියා වානේ සහ ඇලුමිනියම් මත සියයට 25 ක තීරු බද්දක් පනවා තිබෙනවා.