Search

ගඳ වැඩිම නගර අතරට මෙල්බන් හි නගර 10 ක්

වැඩිම දුර්ගන්ධයක් සහිත ප්‍රදේශ 10 ක් මෙල්බන් නගරයෙන් හඳුනාගෙන තිබෙනවා.

වික්ටෝරියාවේ විවිධ ප්‍රදේශවලින් දුර්ගන්ධය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි අනුව පරිසර ආරක්ෂණ අධිකාරිය විසිනුයි මෙම දත්ත ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ.

ඒ අනුව මෙල්බන් හි Cranbourne (ක්රැන්බෝර්න්) ප්‍රදේශය දුර්ගන්ධය වැඩියෙන් ම ඇති නගරය ලෙසයි නම් කෙරෙන්නේ.

වාර්තාවලට අනුව Cranbourne (ක්රැන්බෝර්න්) ප්‍රදේශයේ දුර්ගන්ධ පැමිණිලි 884 ක් වාර්තා වී ඇති බව සඳහන්.

නිවාස මිල ඉහළයාමක් දක්නට ලැබෙන මෙම ප්‍රදේශයේ එවැනි පැමිණිලි ලැබීම කණගාටුදායක බවයි වික්ටෝරියා පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වාදෙන්නේ.

ක්රැන්බෝර්න් හි නිවාස මිල මේ වනවිට ඩොලර් 660,000 කට ආසන්න වන අතර පසුගිය වසරට සාපේක්ෂව එය සියයට 2.2 ක වැඩිවීමක් වනවා.

පසුගිය වසර දෙක තුළ දුර්ගන්ධය පිළිබඳ වාර්තා තබා ඇති මෙල්බන් ප්‍රදේශ 10 මෙන්න..

  1. Cranbourne with 884 complains for Landfill odour.
  2. Botanic Ridge with 463 complaints for Landfill odour.
  3. Brooklyn with 444 complaints for odour from a variety of sites.
  4. Narre Warren South with 355 complaints for Landfill odour.
  5. Reservoir with 354 complaints for Manufacturing odour.
  6. Wangaratta with 352 complaints for Wastewater odour.
  7. Warrnambool with 228 complaints for Industrial odour (site under investigation).
  8. Pakenham with 187 complaints for Abattoir wastewater (EPA action ongoing).
  9. Lynbrook with 182 complaints for Landfill odour.
  10. Hampton Park with 175 complaints for Landfill odour.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »