Search

ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහි මත්ද්‍රව්‍ය නඩුවේදී සුවිශේෂී අනාවරණ රැසක්

ඔස්ට්‍රේලියාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහි මත් ද්‍රව්‍ය චෝදනා නඩුවේදී සුවිශේෂී අනාවරණ රැසක් සිදුවී තිබෙනවා.

ස්ටුවර්ට් මැක්ගිල්ට එරෙහි ප්‍රධාන චෝදනාව වන්නේ ඩොලර් 330,000 ක මුදලකට කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝවක් මිලයට ගැනීමයි.

සිඩ්නි උතුරු ප්‍රදේශයේ පිහිටි ඔහුගේ අවන්හලකදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුවී තිබුනේ 2021 වසරේ අප්‍රේල් මාසයේදීයි.

මේ වනවිට අදාල නඩු විභාගය අවසන් අදියරට පැමිණ ඇති අතර හිටපු පා දඟ පන්දු යවන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් මෙම කොකේන් මිලයට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ අනුවයි නඩු විභාගයක් ආරම්භ වූයේ.

ස්ටුවර්ට් මැක්ගිල් මෙම සිදුවීමෙන් දින කිහිපයකට පසු පැහැර ගැනීමට මෙන්ම පහර කෑමකට ද ලක්වුණා.

ඉන් දින 6 කට පසු ඔහු පොලීසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබූ අතර මත්ද්‍රව්‍ය ජාවාරමට තමාගේ කිසිම සම්බන්ධයක් නොමැති බවයි පවසා තිබුණේ.

 

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »