Search

ඔස්ට්‍රේලියා බදු සහනවල අක්‍රමිකතාවක් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාව තුළ දැනට ක්‍රියාත්මක බදු සහන දෙකක් හේතුවෙන් ධනවතුන්ට සුවිශේෂී සහනයක් ලැබෙන බවට නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලයයි මෙය අධ්‍යනය සිදුකර ඇත්තේ.

මේ හේතුවෙන් ධනවතුන්ට නොසිතූවිරූ සහනයක් ලැබෙන බවත් එමගින් නිවාස අර්බුදය තවත් උග්‍ර වන බවටත් හඳුනා ගෙන තිබෙනවා.

ඒ අනුව කිසියම් දේපළක් අලෙවි කිරීමේදී එම දේපළ ලබන ආදායමෙන් සියයට 50 කට අදාලව පමණක් බදු අය කිරීම අසාධාරණ බවයි ඔවුන් පවසන්නේ.

මෙයට වහා විකල්පයක් හඳුන්වා දෙන මෙන් ඔස්ට්‍රේලියා සමාජ සේවා කවුන්සිලය යෝජනා කරනවා.

ඔස්ට්‍රේලියාව තුළ දැනට පවතින ආයෝජන ව්‍යාපෘතිවලින් තුනෙන් දෙකකම හිමිකාරිත්වය දරන්නේ ඔස්ට්‍රේලියාවේ ඉහළ ම ධනවතුන් ලෙස සැලකෙන සියයට 10 ක පිරිසයි.

ඒ අනුව බදු සහන ලෙස හිමිවන ඩොලර් බිලියන 16 න් සියයට 82 ක වරප්‍රසාදය හිමිවන්නේ එම ධනවතුන්ට බවයි ඔස්ට්‍රේලියා සමාජ සේවා කවුන්සිලය චෝදනා කරන්නේ.