Search

වික්ටෝරියාවේ ඇප නීති සංශෝධන තීරණාත්මක නිවේදනය අද

ඇප නීති සංශෝධනය සම්බන්ධ තීරණ අද නිකුත්කරන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසනවා.

ඊයේ පැවති කැබිනම් මණ්ඩල රැස්වීමේදී ඇප නීති සම්බන්ධයෙන් යෝජනා රැසක් ඉදිරිපත් කළ බවයි වික්ටෝරියා අගමැතිනි ජසින්ටා ඇලන් නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ.

ඇප නීති ප්‍රකාශයට පත්කිරීමට සූදානම් බවත් මෝටර් රථ කොල්ලකෑම් ඇතුළු බරපතල අපරාධ සම්බන්ධයෙන් දඬුවම් දැඩි කිරීමට අපේක්ෂා කරන බවත් ඇය නිවේදනයෙන් පවසා තිබෙනවා.

වික්ටෝරියාවේ අර්බුදකාරී ඇප ක්‍රමය ඉවත් කිරීමට සති කිහිපයකට පෙර හිටපු පොලිස් කොමසාරිස් ෂේන් පැටන් විසින් සිදුකරන ලද සැලැස්ම ප්‍රතිෂේප කිරීම සම්බන්ධයෙන් පසුගියදා අගමැතිනියට ද චෝදනා එල්ල වුණා.

මේ අතර ඇප නීති දැඩි කරන ලෙස ඉල්ලමින් වික්ටෝරියානුවන් පිරිසක් ඊයේ වික්ටෝරියා හි Bendigo නගරයේ විරෝධතාවයක නිරත වුණා.

තරුණ අපරාධ රැල්ල මැඩලීමට ඇප නීති පද්ධතිය වෙනස් කරන බවට වික්ටෝරියා රජය වූ පොරොන්දුව ක්‍රියාත්මක කරන ලෙසයි ඔවුන් එහිදී ඉල්ලා සිටියේ.