Search

වික්ටෝරියාවේ රිය පදවන ඔබට පොලීසියෙන් යළි සිහි කැඳවීමක්

පසුගිය දීර්ඝ සති අන්තයේ රථ වාහන මෙහෙයුම් වලදී වික්ටෝරියා ප්‍රාන්තයේ රියදුරන් 5000 කට පමණ චෝදනා ගොනුකර තිබෙනවා.

අධි අවදානම් රිය පැදවීම් ඉලක්ක කර ගනිමින් වික්ටෝරියා ප්‍රාන්තය පුරා සිදුකළ මෙහෙයුමකදීයි මෙම පිරිස හඳුනාගෙන ඇත්තේ.

එම රියදුරන්ගෙන් සියයට 75 ක් පමණ වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් බවයි වික්ටෝරියා පොලීසිය පවසන්නේ.

රියදුරන් 455 දෙනෙකුගෙන් 1 අයෙකු බීමතින් රිය පැදවීම පිළිබඳ චෝදනා ලැබූ අතර මත් ද්‍රව්‍ය භාවිත කළ 197 දෙනෙකු ද අත්අඩංගුවට පත්ව තිබෙනවා.

රියදුරු බලපත්‍ර නොමැතිව රිය පැදවූ පුද්ගලයින් 300 කට අධික සංඛ්‍යාවක් පසුගිය දීර්ඝ නිවාඩු මෙහෙයුමේදී සොයාගැණුනා.

රථවාහන සංඥා කඩකිරීම් 227 ක් රිය පැදවීමේ දී දුරකථන භාවිත කිරීම් 145 ක් සහ ආසන පටි පැළඳීම් සිදුනොකළ රියදුරන් 99 කට ද චෝදනා නිකුත් කර තිබෙනවා.

මේ වසරේ වික්ටෝරියාවේ ජීවිත 61 ක් මාර්ග අනතුරුවලින් අහිමි වී ඇති අතර පෙර වර්ෂයන් සැලකීමේදී රිය අනතුරු බහුල මාසයක් ලෙසයි මාර්තු මාසය සැලකෙන්නේ.

ඒ අනුව මෙම මාසය පුරා අඛන්ඩව රථ වාහන වැටලීම් සිදුකරන බව පොලීසිය වික්ටෝරියා ජනතාවට දැනුම් දෙනවා.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »