Search

Button Battery ගැන ඔස්ට්‍රේලියා දෙමාපියන්ට යළි අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාවේ කුඩා දරුවන් සිටින දෙමාපියන්ට සෞඛ්‍ය සේවා අංශ හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

බට්න් බැටරි ගිල දැමූ කුඩා දරුවන් ප්‍රමාණය ඔස්ට්‍රේලියාව තුළ සීඝ්‍රයෙන් ඉහළ යන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ වසරේ මේ දක්වා දකුණු ඔස්ට්‍රේලියාවේ බට්න් බැටරි ශරීරගතවූ දරුවන් දෙදෙනෙකු හදිසි ශෛල්‍ය කර්මවලට භාජනය කර තිබෙනවා.

අවුරුද්දක් වයසැති ඇඩෙල් නම් දරුවාගේ අමුතු හැසිරීමකට අනුව ඇයගේ දෙමාපියන් ඇයව එක්ස් රේ පරීක්ෂණයකට ලක්කර තිබුණා.

එහිදී හෙළිව ඇත්තේ බට්න් බැටරියක් ආහාර මාර්ගයේ තැන්පත් වී ඇති අතර ඉන් සිදුවන පිළිස්සුම් සඳහා හදිසි සැත්කම් කිහිපයකට භාජනය කිරීමට සිදුවූ බවයි ඇඩෙල්ගේ දෙමාපියන් පවසා ඇත්තේ.

මේ අතර ආහාර මාර්ගයේ පිළිස්සීම් සැලකියයුතු මට්ටමකින් පවතී නම් බට්න් බැටරි ගිල දැමීමෙන් දරුවන් මිය යාමට වුවත් හැකි බවයි ඇඩිලේඩ් කාන්තා හා ළමා රෝහල් වෛද්‍ය සෝන්ජා ලැට්සෙල් අවධාරණය කළේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »