
ඇප නීති දැඩි කරන ලෙස ඉල්ලමින් වික්ටෝරියානුවන් පිරිසක් විරෝධතාවයක නිරතවෙමින් සිටිනවා.
ඇප නීති පද්ධතිය වෙනස් කරන බවට වික්ටෝරියා රජය වූ පොරොන්දුව ක්‍රියාත්මක කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
“bail laws need to change” and “youth crime do the time” ලෙස ලියූ පුවරු අතැතිව වික්ටෝරියා හි බෙන්ඩිගෝ නගරයේ විරෝධතාකරුවන් පෙළපාලියක නිරත වෙමින් සිටින බවයි වාර්තා පළවන්නේ..

මෙම උද්ඝෝෂණය වික්ටෝරියා අගමැතිනි ජසින්ටා ඇලන්ගේ මැතිවරණය කාර්යාලයේ සිට නගර මධ්‍යයේ සහ නීති උසාවි බල ප්‍රදේශයට ගමන් කර තිබෙනවා.
වික්ටෝරියාව පුරා නව රැල්ලක් මෙන් තරුණ අපරාධ වැඩිවෙමින් පවතින අතර ආයුධ භාවිතය සම්බන්ධ නීති රීති සංශෝධනය කිරීමටයි පසුගියදා ප්‍රාන්ත පාර්ලිමේන්තුව සාකච්ඡා කර ඇත්තේ.
