
රුසියානු අනතුරු ඇඟවීම්වලට බියට පත් නොවන බව ඔස්ට්‍රේලියා රජය පවසනවා.
සාම සාධක මෙහෙයුමකට සහය දෙන්නැයි යුක්‍රේනය ඉල්ලා සිටියහොත් ඒ පිළිබඳ සලකා බලන බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පසුගියදා කියාසිටියා.
විදේශ අමාත්‍ය පෙනී වොන්ග් ඒ පිළිබඳව නිවේදනයක් නිකුත්කරමින් පැවසුවේ වසර 80 ක කාලයක සිට ජාත්‍යන්තර සාම සාධක මෙහෙයුම් සඳහා සහය දැක්වීමේ සාඩම්බර සම්ප්‍රදායක් ඔස්ට්‍රේලියාව තුළ පවතින බවයි.

රුසියාව අඛන්ඩව සිදුකරමින් පවතින අයුක්ති සහගත යුද්ධය නවත්වන්නැයි ඔස්ට්‍රේලියාව රුසියාවෙන් ඉල්ලා සිටිනවා.
යුක්‍රේන ජනතාවට සාධාරණ සාමයක් වෙනුවෙන් කටයුතු කිරීමට බියට පත් නොවන බවයි විදේශ අමාත්‍ය පෙනී වොන්ග් සිය නිවේදනයෙන් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර ඔස්ට්‍රේලියාවේ රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා ඇත්තේ යුක්‍රේන යුද්ධයට ආධාර කිරීම සඳහා කිසිදු හමුදාවක් යැවීමෙන් වළකින ලෙසයි.
සාම සාධක හමුදා යෙදවීමෙන් ඔස්ට්‍රේලියාවට බරපතල ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇති බව රුසියානු තානාපති කාර්යාලය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
සාම සාධක හමුදා මුවාවෙන් යුරෝපා හමුදාව යුක්‍රේනයේ යෙදවීමෙන් සාම ප්‍රයත්නය අඩපණ වන බවයි රුසියාව චෝදනා කරන්නේ.
මේ අතර රුසියානු ප්‍රහාර වැළැක්වීම වෙනුවෙන් යුරෝපයේ සාම සාධක භටයින් 30,000 ක් යුක්‍රේනයේ ස්ථාපිත කරන බවයි එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා පසුගියදා කියාසිටියේ.