Search

මෙල්බන් කාන්තාවකගේ කලිසම ඇතුළේ පිඹුරෙක්

පසුගියදා මෙල්බන් හි Strathmore දුම්රිය ස්ථානයේදී පොලීසිය කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමට යාමේදී 34 හැවිරිදි වියේ පසුවන සැකකාර කාන්තව පොලීසිය වෙත පවසා ඇත්තේ තම කලිසම තුළ සර්පයෙකු සිටින බවයි.

ඇයව පරීක්ෂා කිරීමේදී ඇගේ කලිසම තුළ සිටි කුඩා පිඹුරෙකු පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම සැකකාර කාන්තාවට පසුගිය පෙබරවාරි 23 වනදා Heidelberg Heights හි නිවසකට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

ලබන අප්‍රේල් 29 වනදා ඇයට මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසටයි නියෝග කර ඇත්තේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »