Search

ඊලෝන් මස්ක්ගේ ” X ” වෙත දැවැන්ත සයිබර් ප්‍රහාරයක්?

“X” සමාජ මාධ්‍ය වේදිකාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එහි හිමිකරු වන ඉලෝන් මස්ක් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ දහස් ගණන් එක්ස් ගිණුම් ඇණ හිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

සිය “X” ගිණුමේ සටහනක් තබමින් ඉලෝන් මස්ක් පෙන්වා දෙන්නේ සෑම දිනකම මෙවැනි ප්‍රහාර එල්ල වන අතර ඊයේ දිනයේ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

ඒ හේතුවෙන් පැය 6කට ආසනන් කාලයක් අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ X සමාජ මාධ්‍ය වේදිකාව ඇණහිට තිබූ බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ සිද්ධිය හේතුවෙන් “X” සමාජ මාධ්‍ය භාවිත කරන පරිශීලකයින් රැසක් දැඩි අපහසුතාවයකට පත්ව තිබුණා.

 

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »