Search

ඔස්ට්‍රේලියාවේ උසම Turbines සහිත බලශක්ති ව්‍යාපෘතිය ගැන වික්ටෝරියානුවන් අසතුටින්

වික්ටෝරියා ප්‍රාන්තයේ Nelson හි ඉදිකිරීමට යෝජිත ඔස්ට්‍රේලියාවේ උසම සුළං ටර්බයින සහිත බලාගාර ව්‍යාපෘතියකට පාර්ශව රැසකින් විරෝධය එල්ල වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ඒ හේතුවෙන් කලාපයේ පරිසරයට සහ ජෛව විවිධත්වයට හානි ඇතිවිය හැකි බවයි.

Kentbruck Green Power Hub නම් මෙම බලශක්ති සැලසුම යෝජනාව ක්‍රියාත්මක කරනු ලබන්නේ Neoen සමාගම විසින් බවයි දැක්වෙන්නේ.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන්ගේ චෝදනාවලට ප්‍රතිචාර දක්වන අදාළ සමාගම පෙන්වා දෙන්නේ සුළං ටර්බයින මීටර් 270 ක පමණ උසකින් පිහිටා තිබීම නිසා කුරුල්ලන් වැනි සතුන්ට හානිදායක නොවන බවයි.

යෝජිත සුළං බලාගාරය ඉදිකිරීම සදහා ඩොලර් බිලියන 1.2 ක් පමණ වැය වනු ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

අදාළ ව්‍යාපෘතිය සම්බන්ධ උපදේශන කාලසීමාව අද (11) අවසන් වීමට නියමිතව තිබුණද එම කාලසීමාව මාර්තු 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

වික්ටෝරියා සැලසුම් මණ්ඩලය එම තීරණය ගෙන ඇත්තේ එහි පරිසර වාර්තාවට නව යාවත්කාලීන කිරීම් කිහිපයක් එකතු කිරීම හේතුවෙන් බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »