Search

බඩේ අමාරුවට හොඳම විසදුමක් ඔස්ට්‍රේලියාවෙන් දෙන්න යයි

ඔස්ට්‍රේලියාව පළමු වරට නිදන්ගත ආමාශ ආන්ත්‍රික රෝග විනිශ්චය කිරීම සදහා නව උපකරණයක් හදුන්වා දීමට සූදානම් වනවා.

ඒ හරහා වෛද්‍යවරුන්ට හදුනා ගැනීමට අපහසු නිදන්ගත ආමාශ ආන්ත්‍රික රෝග නිසි පරිදි හදුනා ගැනීමට අවකාශය සැලසෙනු ඇති.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ ජෛව තාක්ෂණ සමාගමක් වන Microba ආයතනය මෙම වැඩසටහන වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කරනවා.

MetaPanel Metagenomic Testing Tool නම් මෙම මෙවලම හා ආමාශය තුළ වැළදෙන රෝගී තත්වයන්ට හේතුවන විෂබීජ වර්ග හදුනා ගැනීමත් එම රෝග සදහා වඩාත් නිවැරදි ප්‍රතිකාර නිර්දේශ කිරීමත් සිදු වන බවයි දැක්වෙන්නේ.

එවැනි රෝගී තත්වයන්ගෙන් සහිතව වෛද්‍යවරුන් හමුවට යන රෝගීන්ගෙන් සියයට 47 කට පමණ එම ප්‍රතිකාර වලින් සහනයක් නොලැබෙන බව ද අනාවරණය වී තිබෙනවා.

මෙම පරීක්ෂණය තුළින් එම අගය අඩු කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ.

වසරකට අඩු කාලයකදී මෙම නව ක්‍රමවේදය රට පුරා ක්‍රියාත්මක වන වෛද්‍ය සායනයන් වෙත ලබා දීමට සැලසුම් කර තිබෙන බවද වැඩිදුරටත් සදහන් වනවා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »