
ශ්‍රී ලාංකිකයන්ද ඇතුලු ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ප්‍රජාවට ඉංග්‍රීසි භාෂා නිපුණත්වය වැඩිකර ගැනීමේ මහඟු අවස්ථාවක් උදාවී තිබෙනවා.
මෙම අවස්ථාව ලැබී ඇත්තේ දැනට පාසල් යන වයසට වඩා අඩු වයසක සිටින දරුවන් සහිත දෙමව්පියන්ටයි.
ඔවුන්ට පූර්ණකාලීන – අර්ධකාලීන සන්ධ්‍යා සහ සති අන්තයේ පාඩම් සදහා සහභාගී වීමට මෙහිදී හැකියාව ලැබෙනු ඇති.

මේ පිළිබඳ වැඩිදුර විස්තර ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.
සුදුසුකම් ලත් වීසා කාණ්ඩයක වීසා බලපත්‍රයක් හිමි වීම – ඔස්ට්‍රේලියාවේ පුරවැසියෙකු ස්ථිර පදිංචිකරුවෙකු වීම අනිවාර්ය අවශ්‍යතාවයක් වනවා.
