
පසුගිය වර්ෂයේදී ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය රක්ෂණවලින් අඩු ප්‍රතිලාභ ලැබී තිබෙන බවට හදුනාගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් 2024 වර්ෂයේදී පමණක් ඔස්ට්‍රේලියානුවන්ට වෛද්‍ය වියදම් වෙනුවෙන් ඩොලර් බිලියන 1.37 ක් ගෙවීමට සිදුවී තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ.
money.com.au විසින් සිදු කර ඇති Australian Prudential Regulatory Authority හි දත්ත විශ්ලේෂණයට අනුව කරුණු රැසක් හෙළිදරව් වී තිබීම ද විශේෂත්වයක්.

ඒ අනුව පසුගිය වර්ෂයේදී Madicare හරහා ලබාදෙන සහන හැරුණු කොට පෞද්ගලික රක්ෂණ සමාගම් විසින් පාරිභෝගිකයන්ගේ වෛද්‍ය වියදම්වලින් ආපසු ගෙවා ඇත්තේ සියයට 66.7 ක් පමණයි.
2008 වසරේ සිට වාර්තා වූ අඩුම අගය මෙය වන බවයි දැක්වෙන්නේ.

Money.com.au හි සෞඛ්‍ය රක්ෂණ සාමාන්‍යාධිකාරී ක්‍රිස් වයිට්ලෝ පෙන්වා දෙන්නේ රට තුළ පෞද්ගලික රක්ෂණයන් හි අර්බුද රැසක් පවතින බවයි.